සිය දියණිය සයිටම් ආයතනයට ඇතුළත් කරගැනීම සඳහා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරීවරයා තමන්ගේ ගෙදරට පැමිණ හඬා වැළපුණු බව සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා අද(21දා) පැවසීය.
එම ලේඛකාධිකාරීවරයා මුල සිටම සයිටම් ආයතනයේ ඉගැන්වූ බවද ඇමතිවරයා සඳහන් කළේය.
සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පිඨාධිපතිවරයාගේ සහ රුහුණු වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයාගේ දරුවන් විදේශ වෛද්‍ය විද්‍යාලවල ඉගෙනගන්නා බවයි.