වෛද්‍ය සභාව සයිටම් නොපිළිගත් නිසා බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවත් ප්‍රතික්ෂේප කළා
ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව විසින් මාලඹේ සයිටම් ආයතනය පිළිනොගැනීම හේතුවෙන් බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවද එම ආයතනය ප්‍රතික්ෂේප කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
යම් වෛද්‍ය විද්‍යාලයක් තම රට තුළ පිළිනොගන්නා තෙක් වෙනත් රටක වෛද්‍ය සභාවක් විසින් එය පිළිනොගන්නා බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මේ සම්බන්ධයෙන් අදාළ කරුණු වෛද්‍යවරුන් දන්නා බවදපවසා සිටියේය.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ රුපියල් මිලියන 55,000 ක මුදලකින් කළුතර දිස්ත්‍රික්කයේ සංවර්ධනය කරන ලද රෝහල් ව්‍යාපෘති පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක්කළුතර මහ රෝහලේ ළය චිකිත්සාගාර ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැති අතර, එහිදී සේනාරත්න මහතා සඳහන් කර සිටියේ, සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා ප්‍රදේශ කිහිපයකින් කොළඹට පැමිණි රථ පෙළපාළිය නැවැත්වීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නොතිබූ බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

