මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් මේ මස 10 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහන් කරයි.
ඒ අනුව අභියාචනාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ලබාගත් නීති උපදෙස් අනුව අදාළ පෙත්සම ගොනුකරන බව වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ද සිල්වා මහතා පැවසීය.
ජනාධිපතිවරයා මෙම සයිටම් ගැටලුව සම්බන්ධයෙන් පත්කළ කමිටුව සමග හෙට (08දා) සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය.