සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් වෛද්‍ය සභාව දේශපාලනීකරණය කිරීමට ගනු ලබන උත්සාහ පරාජයට පත් කිරීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
වෛද්‍ය සේවාවේ ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය රැකගැනීම වෛද්‍ය සභාවේ මූලික අරමුණ බවද වෛද්‍ය සභාවට තේරී පත්වූ සාමාජික රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කළේය.
පුරප්පාඩු හතරක් වෙනුවෙන් ඊයේ (24දා) පැවැති නිලවරණයේදී තම සංගමයෙන් ඉදිරිපත් කළ සාමාජිකයන් සිවුදෙනාම තේරී පත්වූ බවද හෙතෙම පවසා සිටියේය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ස්වාධීන ආයතනයක් බවට පත්කිරීම සඳහා ගත හැකි කැමැති ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය.