වෛද්‍ය ශිෂ්‍යයින් විසින් ආරම්භ කර තිබෙන පන්ති වර්ජන නිසා වෛද්‍ය පීඨ 08ක් අවසන් වසර විභාගය පැවැත්වීමට නොහැකි වී තිබෙන බවවෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා නවක කණ්ඩායම් පීඨවලට බඳවා ගැනීමත් අර්බුදයට ලක්ව තිබෙන බවදඑම සංගමය සඳහන් කරයි.
සයිටම් ආයතන වසා දමන ලෙස ඉල්ලා වෛද්‍ය ශිෂ්‍යයන් පන්ති වර්ජනය කිරීම ආරම්භ කර දින 100කට අධික කාලයක් ගත වී තිබෙන බවත්, එහෙත් එම ඉල්ලීම්වලට විසඳුම නොලැබීම නිසා වෛද්‍ය ශිෂ්‍යයන්ගේ අරගලය අඛණ්ඩවම ක්‍රියාත්මක කරමින් සිටින බවද එම සංගමයේ සාමාජික රජරට වෛද්‍ය පීඨයේ ආචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.
මේ නිසා අවසන් වසර විභාගය පැවැත්වීමට නොහැකි වී තිබෙන බවත්, වෛද්‍ය පීඨවලට නවක කණ්ඩායම් බඳවා ගත්තද ඔවුන්ට වෛද්‍ය අධ්‍යාපනය ලබාදීම ආරම්භ කිරීමට නොහැකිවී තිබෙන බවද ජයසුමන මහතා පවසා සිටියේය.
අවසන් වසර විභාගයෙන් පසු එම කණ්ඩායම් සීමාවාසික පුහුණුවට රෝහල්වලට යැවිය යුතු බවත්, මෙම පිරිස් සීමාවාසික පත්වීම් ලබාගන්නා විට, දැනට සිටින සීමාවාසික පුහුණුව ලබන පිරිස් වෛද්‍ය නිලධාරීන් බවට පත්වන බවද සඳහන් කළේය.
අවසන් වසර විභාගය පැවැත්වීමට කටයුතු නොකිරීම නිසා සීමාවාසික පත්වීම් ලබාදීමට කණ්ඩායමක් නොමැතිවන බවත්, එහෙත් රෝහලේ පැය 24 රාජකාරියේ නිරතවන්නේ සීමාවාසික වෛද්‍යවරුන් බවද වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.
එහෙත් සීමාවාසික පුහුණුවට වෛද්‍යවරුන් නොමැති නිසා සාමාන්‍ය ලෙස පැය 08 රාජකාරි කරන වෛද්‍යවරුන්ට අතිකාල ලබාදෙමින් රෝහල් කටයුතු පවත්වාගෙන යාමටත් සිදුවන බවද හෙතෙම පවසා සිටියේය.