රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සයිටම් වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළකරමින් හෙට(07දා) පැවැත්වීමට නියමිත වෛද්‍ය වර්ජනය අත්හිටුවන ලෙස වාරණ නියෝගයක් ලබාදෙන ලෙස හෘද රෝගියෙකු විසින් අද (06දා) කොළඹ දිසා අධිකරණයට පෙත්සමක් ගොනු කරන ලදී.
අදාළ පෙත්සම සලකා බැලූ කොළඹ දිසාඅධිකරණ විනිසුරු සුධීර නිශ්ශංක මහතා රජයේ වෛද්‍ය සංගමයට මැයි 04 වැනිදා අධිකරණයේ පෙනීසිටින ලෙස දන්වමින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කළේය.
එහිදී කොළඹ දිසාඅධිකරණ විනිසුරු වාරණ නියෝගයක් ලබාදිය නොහැකි බව ප්‍රකාශ කරන ලදී.