ප්‍රමීතීන්ට අනුගතවෙමින් පෞද්ගලික අධ්‍යාපනය ලබාදීමේ ආයතන කටයුතු කරන්නේනම් ඒ සඳහා කිසිවකු විරුද්ධ නොවන බවත් වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන්ද එය එසේම වන බවත් මනෝවෛද්‍ය විද්‍යා පර්යේෂණ ආයතනයේ අධ්‍යන කටයුතු පිළිබඳ අධ්යක්ෂ වෛද්‍ය දර්ශන පෙරේරා මහතා පැවසීය.
වෘත්තීමය ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් පෞද්ගලික අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන්නේනම් එහිදී රජය සමග හෝ කිසිවකු විරුද්ධ නොවනු ඇති බවත් හෙමතෙම කීවේය. මාළමේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෙරේරා මහතා මේබව පැවසුයේ අද(21දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.