ආර්ථිකය ගොඩ නැගීමේදී වේගයෙන් යා යුතු අවස්ථාවලදී වේගයෙනුත්, සෙමින් යා යුතු අවස්ථාවේදී සෙමිනුත් ගමන් කළ බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
ජාතික තරුණ සේවා සභාව යටතේ ක්රියාත්මක ‘යූත් විත් ටැලන්ට් - ගමට කෝටියක්’ වැඩසටහනේ ජයග්රාහකයන් ඇගයීමේ උත්සවයක් අමතමින් හෙතෙම මේ බව අද (09දා) ප්රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“අප භාර ගත්තේ ණය බරින් පීඩාවට පත් රටක් බව අමතක කළ යුතු නැහැ. එම නිසා පළමු වසර දෙක තුනේදී මුදල් යෙදවීමට නොහැකි වුණා. දැන් අප සංවර්ධනය සඳහා මුදල් යොදවා තිබෙනවා. ගම දියුණු කිරීම සඳහා තරුණ පරපුර අප සමග එකතු විය යුතුයි. අප මෙරට නිෂ්පාදනය වැඩිකළ යුතුයි. අපනයන වැඩි කළ යුතුයි. එමෙන්ම ආයෝජන වැඩිකළ යුතුයි.
රට හා ආර්ථිකය ගොඩනැගීමේදී සීඝ්රයෙන් යෑමට හැකියාව ඇති අවස්ථාවලදී අප ඒ ගමන ගොස් තිබෙනවා. සෙමින් යා යුතු තැන්වල ගමන සෙමින් යා යුතු වෙනවා. මේ දෙයාකාරයටම ගමන් කොට ශක්තිමත් ආර්ථිකයක්, හොඳ රටක් ඔබට ලබාදීම අපේ අරමුණයි.” යැයි පැවසීය