පසුගිය 2014 වර්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාරිභෝගික නීතිරීති කඩකළ වෙළෙඳ සැල් 766 ක් සඳහා නඩු පැවරීමට කටයුතු කළ බව පාරිභෝගික අධිකාරියට අයත් පොළොන්නරුව දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කරයි.
මිල, නිෂ්පාදිත දිනය, බර, කල් ඉකුත්වීමේ දිනය සහ කාණ්ඩ අංකය සඳහන් නොකර, ලේබලය විකෘති කර භාණ්ඩ අලෙවිය, ලකුණු කරන ලද මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවිය, මිල ප්‍රදර්ශනය නොකර භාණ්ඩ අලෙවිය යන චෝදනාවලට අදාළව වැටලීම් සිදුකොට මෙසේ නඩු පවරා ඇත.
මේ අනුව අදාළ නඩු පැවරීම යටතේ 2014 වර්ෂයේ, රුපියල් 29,19,500 ක දඩ මුදලක් අය කරගෙන ඇත.
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් පරිදි පොළොන්නරුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී එච්.ඊ.සී.ඩී. කුමාර, අයි.ටී. ජයසිංහ, බී.එන්. ජයවර්ධන, එන්.පී. නවකේන සහ එම්.පී. සෝමරත්න යන මහත්වරු මෙම වැටලීම් සිදුකළහ.