වෙසක් උත්සවය පැවැත්වෙන කාලසීමාවේදී දිවයිනම ආවරණය වන පරිදි සුරා අපරාධ සහ සුරාබලපත්ර ලත් ස්ථාන ආශ්රිත අක්රමිකතාවන් වැළැක්වීමට විශේෂ අධීක්ෂණ වැඩසටහනක් ශ්රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර ඇත.
සුරාබදු කොමසාරිස් ජනරාල් ආර්. සේමසිංහ මහතාගේ උපදෙස් පරිදි ලබන 27 වැනිදා සිට මැයි 03 වැනිදා දක්වා මෙම අධීක්ෂණ වැඩපිළිවෙළ ක්රියාත්මක වෙයි.
මේ හරහා දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්ර ලත් ස්ථාන ඇතුළු සමස්ත මත්පැන් සැපයුම් ජාලය අධීක්ෂණය කිරීමටත්, මහජන පැමිණිල් හා තොරතුරු මත සුරාබදු අපරාධ සිදු කෙරන ස්ථානයන් වැටලීමටත් හා එම සුරා අපරාධ ග්රහණය කිරීමටත් සිය අධීක්ෂණය යටත් නිලධාරී කණ්ඩායම් යෙදවීමට සියලුම සහකාර සුරාබදු කොමසාරිස්වරුන්ට නියෝග ලබා දී ඇත.
මෙම සමස්ත වැඩසටහන අධීක්ෂණය කිරීමේ වගකීම දෙපාර්තමේන්තුවේ නීති ක්රියාත්මක කිරීමේ අංශය වෙත පවරා ඇති අතර, එම වැඩසටහනේ ප්රගතිය නිරීක්ෂණය කිරීම සඳහා සුරාබදු මූලස්ථානයේ පැය 24 පුරා ක්රියාත්මක වන විශේෂ යාන්ත්රණයක්ද ස්ථාපිත කර ඇත.
මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට මහජන සහාය අපේක්ෂා කරයි. ඒ අනුව දිවයිනේ ඕනෑම ස්ථානයක සිදුවන සුරා අපරාධ සහ සුරබදු බලපත්ර ලත් ස්ථාන ආශ්රිත අක්රමිකතාවන් සම්බන්ධයෙන් පහත සඳහන් දුරකථන අංක වෙත තොරතුරු ලබාදෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
දුරකථනය - 0112 045077
ෆැක්ස් අංකය- 0112 877882