මෙවර රාජ්‍ය වෙසක් උත්සව සතිය මැයි මස 18 වැනිදා සිට මැයි මස 24 වැනිදා දක්වා පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
වෙසක් අසිරිය විඳගමු සිතින් - වැළකෙමු මතින් යන්න මෙවර වෙසක් සතියේ තේමාව වන අතර,හම්බන්තොට වීරකැටිය ඓතිහාසික නයිගල පුරාණ රජමහා විහාරස්ථානය කේන්ද්‍රකරගෙන මෙවර ජාතික වෙසක් උත්සවය පැවැත්වේ.
ඒ අනුව රාජ්‍ය වෙසක් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 22 වැනිදා සවස 3.00 ට නයිගල විහාරස්ථානයේදී පැවැත්වෙන බව බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
මෙම උත්සවයට සමගාමීව කුල දරුවන් 35 දෙනෙකුහම්බන්තොට කසාගල විහාරස්ථානයේදී මැයි 18 වැනි දින සසුන්ගත කිරීමද සිදුවන බව ඔහු කීය. එම දරුවන් සසුනට පූජා කළ දෙමාපියන් සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් නිවාස 35 ක් ඉදිකරදීමට කටයුතු කර තිබෙන බවත්, ඔවුන්ට සහනදායී අන්දමට විදුලිය ලබාදීමට විදුලිබල මණ්ඩලය කැමැත්ත ප්‍රකාශකර තිබෙන බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම එම කුලදරුවන්ගේ දෙමාපියන් සියලු දෙනාට දඹදිව වන්දනා කිරීම සඳහා අවස්ථාවක් ලබාදීමට බුද්ධශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි දඹදිව වන්දනා සංවිධාන කටයුතු කරන බවද විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.