එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල මෙවර ශ්‍රි ලංකාවේදි පැවැත්විමට නියමිත අතර ඒ සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පැමිණීම තහවුරු කර තිබේ. ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දෙවැනි ශ්‍රී ලංකා සංචාරය මෙය වෙනු ඇත.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන වෙසක් දින සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස නරේන්ද්‍ර මෝදි මහතාට සහභාගි වන ලෙස ශ්‍රී ලංකාව නිල වශයෙන් ආරාධනා කරනු ලැබීය.
එම ආරාධනය ඉන්දිය අග්‍රාමාත්‍යවරයා පිළිගෙන ඇති අතර ඔහු වෙසක් දින සැමරුමේ සමාරම්භක උත්සවයට එක්වීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම මැයි මස 12 සිට 14 දා දක්වා පැවැත්වෙයි. සමාප්ති උත්සවය සඳහා නේපාල ජනපතිකී බිද්යා දේවි බණ්ඩාරි මහත්මිය එක්වීමට නියමිතය.