මහ පරිමාණ වශයෙන් මත්කුඩු ජාවාරමේ නිරතව අත්අඩංගුවට පත්ව සිටින ගම්පොල විදානලාගේ සමන්ත් කුමාර නොහොත් වෙලේ සුදාගේ සහෝදරයාත් මත්කුඩු සමග අත්අඩංගුවට පත්ව තිබේ.
ගම්පොළ විදානගේ ඉන්දික (35) නම් මෙම සැකකරු අද (17දා) සවස කොහුවලදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී මත්කුඩු ග්රෑම් 2.300 ක් සොයාගත් බව පොලීසිය කියයි.