ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර නමැත්තාට කොළඹ බගතලේ පාරේ නිවාස දෙකක් තිබෙන බවද කොළඹ හෝර්ටන් පෙදෙසේ එක් නිවාසයක් තිබෙන බවටද බැංකු සුරක්ෂිතාගාර, ස්වර්ණාභරණ, මුදල් විවිධ ගිණුම්වල තැම්පත් කර ඇති අතර එවැනි ගිණුම්වල තැම්පත් කර තිබුණු මුළු මුදල්වල වටිනාකම රුපියල් මිලියන 200කට ආසන්න බවද පොලීසිය විසින් අනාවරණය කර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්රකාශකඅජිත් රෝහන මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය
ඒසියල්ල මේ වනවිට මුදල් විශුද්ධිකරණ පනත යටතේ රාජසන්තක කිරීමට මහාධිකරණයට අයදුම්පත් යොමුකර තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.