හෙරොයින් ජාවාරමේ නිරත වූ බවට චෝදනා මත අත්අඩංගුවට ගත් වෙලේ සුදාගේ සහෝදරිය ඇතුළු තිදෙනා සමග පොලිස් භාරයට ගත් මෝටර් රථය තුළ හෙරොයින් රහසිගතව සඟවා තිබෙන බවට මේ වනවිට හෙළි වී තිබේ.
මෙම තොරතුරු මත බොරැල්ල පොලිස් ස්ථානයේ නවතා තිබෙනමෝටර් රථය පොලිස් විශේෂ කාර්ය බළකායේද සහාය ඇතිව දැඩි පරීක්ෂා කිරීමකට ලක්කරන බව වාර්තාවේ
පසුගිය 21 වැනිදා වෙලේ සුදාගේ නැගණිය වන දිලිණි නිල්මිණී නමැත්තිය ඇතුළු සැකකරුවන් තිදෙනා බොරැල්ල පොලිසීය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.