හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු කරමින් ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට මරණ දඬුවම නියම කරමින් ලබාදුන් තීන්දුවට එරෙහිව කොළඹ මහාධිකරණයට ඊයේ (14දා) ඇපෑලක් ඉදිරිපත් කෙරිණි.
වෙලේ සුදාට නියම කළ මරණ දඬුවම ඉවත දමා ඔහු නිදොස් කොට නිදහස් කරන්නැයි ඔහුගේ නීතිඥ සුරංග බණ්ඩාර මහතා අදාළ අභියාචනය මගින් මහාධිකරණයෙන් ඉල්ලීමක් කොට ඇත.
නීතිඥ සුරංග බණ්ඩාර මහතා අදාළ අභියාචනය ඊයේ පස්වරුවේ කොළඹ මහාධිකරණයේ ලේඛාධිකාරිවරයාට බාර දී ඇත.