වෙලේ සුදා හා සබඳතා පැවැත් වූ නිලියන් ගැන හෙළිකරන්නලු
ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවෙකු වූ වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර සමග මෙරට නිලියන් 06 දෙනෙකු සබඳතා පවත්වා ඇති බවට පොලිස් දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ කර තිබෙන බැවින් ඔවුන් කවුරුන්දැයි නම් කරන ලෙස අද (22දා) පෙරවරුවේ කොළඹදී ප්රවෘත්ති සාකච්ඡාවක් කලාකරුවන් පිරිසක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියහ.
එසේ නිල සඳහන් නොකිරීම නිසා නිලියන්ගේ නම් උපයෝගි කරගෙන අපහාස කිරීමේ ව්‍යාපාරයක් නිර්මාණය වී තිබෙන බවද එම කලාකරුවන් පිරිස ප්‍රකාශ කළහ.
සේමිණී ඉද්දමල්ගොඩ සහ ලෝචනා ඉමාෂි යන රංගන ශිල්පිනියන් මෙහිදී කියා සිටියේ තමන්ගේ නම් ඊට ඈදෑ ගනිමින් සමහර වෙබ් අඩවි සහ ෆේස්බුක් සමාජ අඩවි ගෙන යන අසත්‍ය ප්‍රචාර නිසා පෞද්ගලික ජීවිතවලට පවා බලපැම් එල්ල වී තිබෙන බවයි.
දිල්හානි අසෝකමාලා, ගයනා සුදර්ශනී, නදීකා ගුණසේකර, ලක්ෂ්මන් විජේසේකර, මොහාන් රාජ් මඩවල, සුරෙන් අබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක, අනුරුද්ධ ජයසිංහ යන කලාකරුවන්ද මෙහිදී අදහස් දැක්වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

