තමාට පවතින පොල්වතු වලින් හා මුදල් පොලියට දීමෙන් සිය වත්කම් උපයාගත් බව ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා අද (13දා) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය.
ඒ හරහා උපයාගත් මුදල්වලින් පිළියන්දල පෞද්ගලික බැංකුවක තිබෙන ගිණුමකින් මසකට මිලියන ගණනින් ගනුදෙනු කළ බවත් ඔහු සඳහන් කළේය.
හෙරොයින් ළග තබාගෙන විකිණීමේ සිද්ධියකට අදාළව කොළඹ මහාධිකරණයේ අඛණ්ඩව විභාගයට ගත් නඩුවකට සාක්ෂි ලබාදෙමින් ඔහු මේ බව පැවැසුවේය. නඩුව නැවතත් 14දාට කල් දැමිණි.