පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 ක් හා නවීන පන්නයේ වාහන 02 ක් සමග සැකකරුවන් තිදෙනෙකු අද (22දා) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටියක් පමණ වෙන බවත් පොලීසිය කියයි.
එසේම මෙම මත් ද්‍රව්‍ය ජාවාරම දැනට බන්ධනාගාරගතව සිටින වෙලේසුදා නැමැත්තා සහ සුසේ යන අය විසින් මෙහෙයවනු ලබන ජාවාරමක් බවට මේ සම්බන්ධව කරනු ලබන විමර්ශන වලදී හෙළිව ඇති බවද පොලීසිය වැඩිදුරටත් කියයි.