2009 වසරේ සිට මේ දක්වා විදේශීය ජාතිකයන් 155 දෙනෙකු හා මෙරට වැසියන් 345 දෙනෙකුගේ ජීවිත බේරාගනිමින් මෙරට වෙරළාරක්ෂකයන් ජීවිත 500 ක් බේරාගැනීමට සමත්ව තිබේ.
2009 වසරේ මිරිස්ස වෙරළ තීරයෙන් ඇරඹුණු මෙරට වෙරළාරක්ෂක ජීවිත ගලවා ගැනීමේ ඒකකය වෘත්තීය වෙරළාරක්ෂකයන් 158 දෙනෙකුගෙන් සමන්විතය.
මේ වනවිට ගාලු මුවදොර, වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, පානදුර, අලුත්ගම, බෙන්තොට, බේරුවල, හික්කඩුව, බලපිටිය, මිරිස්ස, මාතර පොල්හේන, නිලාවේලි, පානම, ගෝපාලපුරම් යන වෙරළ තීරයන්හි වෘත්තීය වෙරළාරක්ෂකයන් දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව උදෙසා ස්ථානගත කර තිබේ.