සියලු පාර්ශ්වයන්ගේ සහාය ලබාගෙන වෙරළ සංරක්ෂනය හා ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්රියාත්මක කරන බව ජනපනති මෛත්රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
අද දහවල් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ජනපතිවරයා අදහස් දැක්වීය. මෙහිදී දෙපාර්තමේන්තුවට තිබෙන ගැටලු පිළිබඳවද විමසා බැලීය.