වෙබ්කැම් හරහා අසැබි රූප ගෙන බ්ලැක්මේල් කරලා
අන්තර්ජාලය හා සම්බන්ධ වෙබ්කැම් හරහා අසැබි රූප ගෙන ඒවා අයත් පුද්ගලයන් බ්ලැක්මේල් කරමින් ඔවුන්ගෙන් කප්පම් මුදල් ඉල්ලා සිටි සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පිලිපීන පොලීසිය පවසයි.
අගතියට පත්ව ඇති තැනැත්තන් වෙබ් කැම් එකක් ඉදිරිපට නිරුවත්වීමට සලස්වා හෝ එවැනි ඡායාරූප හෝ වීඩියෝ ඔවුන්ලවා ගෙන්වා ගැනීම තුළින් මෙසේ බ්ලැක්මේල් කර ඇති අතර, විදෙස් රටවල මැදි වයසේ පුද්ගලයන් රැසක් ඊට හසුව ඇති බව පැවසෙයි.
ඉන් අනතුරව මෙම සංවිධානාත්මක කල්ලිය විසින් අගතියට පත් තැනැත්තන් බ්ලැක්මේල් කරමින් ඔවුන්ගෙන් කප්පම් මුදල් ඉල්ලා ඇති අතර, එසේ මුදල් නොදෙනේනේ නම් එකී වීඩියෝ හෝ ඡායාරූප ඔවුන්ගේ ඥාතීන්ට පෙන්වන බවට තර්ජනය කර ඇති බව පැවසෙයි.
පිලිපීන ජාතික පොලිස් ප්රධාන ඕලන් පුරිසිමා පෙන්වාදෙන පරිදි ඉන්ටර්පෝල් හිද සහාය ඇතිව මීට සම්බන්ධ 58 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට පත්ව සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

