අන්තර්ජාලය හා වෙබ් අඩවි තුළින් රටේ වැඩි වශයෙන්ම නින්දා අපහාස විඳින්නේ තමන් බවත් තම බිරිඳට මෙන්ම දරුවන්ටද වෙබ් අඩවි සඳහා නොපිවිසෙන ලෙස පවසා ඇති බවත් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පැවැසීය.
අධිකරණ සේවා නිලධාරීන්ගේ වාර්ෂික සම්මේලනයට හැඳල පෙගාසස් රීෆ් හෝටලයේදී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා,
“මේ රටේ සෑම කෙනෙක්ම දන්නවා අන්තර්ජාලය තුළින්, වෙබ් අඩවි තුළින් දවසේ වැඩිපුරම රටේ නින්දා අපහාස විඳින කෙනා මමයි කියලා. ඒ වාර්තාව වෙන කාටවත් කඩන්න පුළුවන්කමක් නැහැ. මම නම් ඒවා බලන්නේ නැහැ. මම මගේ නෝනාටත් දරුවන්ටත් කියලා තියෙන්නේ වෙබ් සයිට් බලන්න එපා. ඒවාට යන්න එපා කියලයි.
ඒ කෙසේ වෙතත් මේ අන්තර්ජලාය, වෙබ් අඩවි අද ඒ තිබෙන නිදහස ඉතාමත් වැරදි විදියට පාවිච්චි කරනවා. අපිට දේශපාලනඥයෝ විදියට නම් මේ නින්දා, අපහාස ,චරිත ඝාතන හොඳට හුරුයි. අධිකරණ ඇමතිතුමන් අපි සාකච්ඡා කරලා රජය විදියටත් තීරණයක් අරගෙන තිබෙන්නේ. මේවා වැළැක්වීම සඳහා නීතිමය වශයෙනුත් ගතයුතු සෑම ක්රියාමාර්ගයක්ම ගත යුතුයි. යැයිද පවසා සිටියේය.