රට පිළිබඳව ප්‍රතිවාදීන් ඇතැම් වෙබ් අඩවිම හා මාධ්‍ය ඔස්සේ ලෝකය පුරා විවිධ වැරදි ප්‍රචාරයන් ගෙන යන බවත් එම අසත්‍ය ප්රචාරයන්ට නොරැවටෙන ලෙසත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. ඉන්දුනිසියාවේ සංචාරයක නිරත ජනපතිවරයා එරට සිටින ශ්‍රී ලාංකික ජනතාව අමතමින් මේ බව ඊයේ (06දා) ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ නිදහස හා ස්වාධීනත්වය රැක ගනිමින් සංවර්ධිත රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනගන බව පැවැසූ ජනපතිවරයා රට තුළ ස්ථිර සාමයක් ඇති කරන බවද ප්‍රකාශ කළේය.
එසේම වසර 44ට පසුව ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට රුසියාවෙන් ආරාධනා ලැබුණ බවත් එම සංචාරය සඳහා තමන් සති දෙකකින් එක්වෙන බවත් ජනපතිවරයා මෙහිදී අණාවරණය කළේය.