වෙඩි හඬ පැවති සමයේ දේශපාලඥයන් ඇතුළු සියල්ලන්ගේම කට හඬ නිහඬව තිබූ බවත්, වර්තමානයේ වෙඩි හඬ නිහඬව පවතින විට කටහඬ ප්රාණවත් වී ඇති බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ උතුරු පළාත් සභාව උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධකොට වෙනම ෆෙඩරල් පාලනයක් ලබාගත යුතු බවට වන යෝජනාව සම්මත කර ගැනීම සම්බන්ධයෙන් කළ විමසීමකදීය.