දේශීය හා ජාත්‍යන්තර පරිසර නීතිරීතිවලින් ආරක්ෂා වන වෙඩිතලතිව් ස්වභාවික රක්ෂිතයේ අක්කර දහසකට අධික ප්‍රමාණයක ජලජ ජීවී වගාවක් සිදුකිරීමට සැලසුම් කර තිබෙන බව නීතිඥ ජගත් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
තිස් අවුරුදු යුද සමයේදී පවා මෙම ප්‍රදේශය ආරක්ෂා වී තිබූ බවත්, එහෙත් වර්තමානයේදී මෙහි ඇති වැදගත්කමවත් නොසලකාහරිමින් මෙම කටයුත්ත සිදුකිරීමට සැලසුම් කර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
අක්කර 7000කට අධික ගොඩබිම් ප්‍රදේශයකින් යුත් වෙඩිතලතිව් ස්වභාවික රක්ෂිතය සංචාරක පක්ෂීන්ගේ නවාතැනක් බවත්, මෙහි සිදුකළ සමීක්ෂණයකට අනුව සංචාරක පක්ෂීන් පැමිණෙන කාලයට එක් දිනක් තුළ පක්ෂීන් මිලියන 1.5ක ප්‍රමාණයක් දැකගත හැකිව තිබෙන බවට වාර්තා වන බවත් අද (02දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
සංචාරක පක්ෂීන්ගේ නවාතැන්පළක් හේතුවෙන් මෙම භූමිය ආරක්ෂා කිරීමට ජාත්‍යන්තර පරිසර නීතිද ඇතුළත් බවද ඔහු පවසා සිටියේය.