ශ්රී ලංකාවේ හිටපු ජනපතිවරුන් මෙන්ම ප්රභූන් භාවිත කරන ලද ඉතාමත ඉහළ ආරක්ෂාවක් සහිත වෙඩි නොවදින මෝටර් රථ 8ක් ප්රදර්ශනය වෙනුවෙන් තැබීමට කොළඹ හුණුපිටිය ගංඟාරාමයට ලබාදීමට ජනපති ලේකම් කාර්යාලය කටයුතු කර ඇත.
මීට පෙර හිටපු ජනපතිවරුන් භාවිත කළ වාහන 8ක් මුහුදේ ගිල්වා දැමීමට කටයුතු කළේය.
මෙම අධිආරක්ෂිත වාහන නවීකරණය කර නැවත භාවිතයට ගත නොහැකි නිසා මෙන්ම විකිණීමට හෝ පෞද්ගලික පරිහරණයට පවරා දිය නොහැකි හෙයින් ඒවා විනාශ කිරීමට කටයුතු කරන බව ජනපති ලේකම් කාර්යලය සඳහන් කරයි.
සුජිත් හේවාජුලිගේ