ශ්‍රී ලංකා නාවික හමුදාවට මානුෂීය වශයෙන් කටයුතු කරන ලෙසත්, ඉන්දීය ධීවරයින්ට වෙඩි නොතබන ලෙසට ඉල්ලීම් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය මඳුරාසි මහාධිකරණය හමුවේ පැවැසූ බව ද හින්දු පුවත් සේවය වාර්තා කරයි.
අද (24දා) මෙම ප්‍රවෘත්තිය වාර්තා කරමින් හින්දු පුවත්සේවය තව දුරටත් පැවැසුවේ ශ්‍රී ලංකාවා හි ඉන්දියාව අතර පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී ධීවර ගැටලුව සඳහා ආරක්ෂක අංශ මැදිහත්වීම අනුමත කළ නොහැකි බව ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට පැවැසූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය මඳුරාසි අධිකරණයට දැනුම් දුන් බවයි.
ඉන්දිය ධිවරයින් තිදෙනෙක් ගොනුකළ හබයාස් කෝපස් පෙත්සමකට දිවුරුම් ප්‍රකාශක් මගින් කරුණු ඉදිරිපත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ඉහත කරුණු සඳහන් කළ බවද හින්දු පුවත්සේවය වැඩිදුරටත් පැවැසීය.