පිළියන්දල පොලිස් වසමේ පසුගිය මස 09 වනදා වෙඩි තබා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකු සහ දැරියක් ඝාතනය කිරීම මෙන්ම තවත් නිලධාරීන් දෙදෙනෙකුට හා සිවිල් වැසියන් තිදෙනෙකු බරපතළ තුවාල සිදු කිරීමේ සිදුවීමට ආධාර අනුබල දීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මෙම මස 16දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඒ අද මෙම සැකකරුවන් දෙදෙනා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දෙන ලදී.
මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (07දා) අත්අඩංගුවට ගත් අතර සිදුවීම සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.