වෘත්තීය සමිති දේශපාලන අතකොළු නොවී රෝගී ජනතාව වෙනුවෙන් තම සේවය නිසි අයුරින් ඉටුකළ යුතු බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඊයේ (13දා) පැවසීය.
සෞඛ්‍ය සේවාව සඳහා ඖෂධ සංයෝජකයන් 336ක් සහ පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් 150ක් වෙනුවෙන් නෙළුම් පොකුණ රඟහලේ පැවැති පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවයට සහභාගිවෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
සෞඛ්‍ය සේවාව තුළ පැනනැගී ඇති සියලු ගැටලු රෝගී ජනතාව අපහසුතාවට පත්නොවන අන්දමින් සාකච්ඡා මාර්ගයෙන් විසඳිය හැකි බවත්, තමා ඒ සඳහා සූදානම් බවත් අමාත්‍යවරයා පැවසීය.
නමුත් හෙද සේවකයන් අතිකාල දීමනාව වැඩි නොකිරීම සම්බන්ධයෙන් සිදුකරන විරෝධතාව සාධාරණ නොමැති බවත්, මෙම රජය බලයට පත්වීමෙන් පසු රුපියල් 10,000කින් වැටුප් වැඩිවීමක් සහ සෞඛ්‍ය සේවකයන් සඳහා රුපියල් 3,000ක වැඩිවීමක් ලබාදීමට මෙම රජය කටයුතු කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
අතිකාල දීමනාව වැඩිකිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයිද ඒ සඳහා කාලයක් ගතවන බවත්‚ මෙවැනි තත්ත්වයක් තුළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ග පසුගිය මැතිවරණවලින් පරාජයට පත්වූ කොටසක් විසින් සිදුකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.