වීසා කාලය තාවකාලිකව මාස 02කින් දීර්ඝ කිරීම තුළින් තමන්ගේ ගැටලුවලට විසඳුම් නොලැබෙන බවත්, තමා ඉල්ලා සිටින්නේ දේශපාලන අයිතිය හා පුරවැසිභාවය බවද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් මහතා සඳහන් කළේය.
මෙම ගැටලුවට දේශපාලන මැදිහත් වීමක් අවශ්‍ය බවත්, එසේ නොමැතිව නීතිමය පැත්තෙන් බැලුවහොත් සාධාරණයක් ඉටුනොවන බවද හෙතෙම සඳහන් කළේය.
මෙම ගැටලුව විසඳීමට ප්‍රතිපත්තිමය විසඳුමක් අවශ්‍ය බවට ආණ්ඩුව පිළිගෙන තිබෙන බවත්, එහෙත් තවමත් ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් සකස්කර නොමැති බවද ඒ මහතා පවසා සිටියේය.