දේශපාලන ප්රතිවිරුද්ධවාදීන්ගේ තර්කවලට හොඳින් ඇහුම්කන්දීමට වත්මන් ආණ්ඩුව සූදානම් අතර,ඉන් යහපත් දේ පමණක් බාරගන්නා බවත්, කෙසේවෙතත් තවදුරටත් රටට දූපත් මානසිකත්වයෙන් සිටිය නොහැකි බවත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
රට ඉදිරියට යාමට තරුණ තරුණියන් බුද්ධිමත්ව පෙළගැසෙන ලෙස ඉල්ලීමක් කළ අමාත්‍යවරයා මේමස අවසානයේ සීගිරියේදී පැවැත්වෙන යොවුන් පුරය ඒසඳහා හොද තෝතැන්නක් වනු ඇති බවද පෙන්වා දුන්නේය.