(UPDATE) වීරකැටියේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
වීරකැටියේ නගරය ආසන්නයේදී සිදුවූ වෙඩි තැබීමකින් සිවුදෙනෙක් තුවාල ලබා සිටිති. මෝටර් රථයකින් පැමිණි අයෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූවෝ තංගල්ල මූලික රෝහලේ ප්රතිකාර ලබති.
එම සිවුදෙනාගෙන් දෙදෙනෙකුත් තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. වෙඩි තැබීමට ලක්ව ඇති පුද්ගලයෝ මිනිස් ඝාතනයට සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි පුද්ගලයන් තිදෙනෙකි.
මොවුන් තිදෙනා අද (28දා) වීරකැටිය පොලීසියේ පෙනී සිට නැවත නිවෙස් බලායෑමේදී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවත්, වෙඩි තැබීමට ලක්වූ අනෙක් පුද්ගලයා පාරේ ගමන් කළ මගියෙකු බවත් වීරකැටිය පොලීසිය පවසයි.