වීදියේ විරෝධය වැඩසටහනට සම්බන්ධ සමාජ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන බ්‍රිටෝ ප්‍රනාන්දු මහතාගේ මීගමුවේ පිහිටි නිවස ඉදිරිපිටට ඊයේ (04දා) රාත්‍රියේ සුඛයකුගේ හිසක් තබා ගොස් ඇති බව ඒ මහතා විසින් මීගමුව පොලිස් ස්ථානයට පැමිණිලි කරනු ලැබ තිබේ.
එසේම ඔහු සමග සිවිල් ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ප්‍රසංග ප්‍රනාන්දු මහතාගේ නිවස ඉදිරිපිටද ඊයේ රාත්‍රියේ සුනඛයෙකුගේ හිසක් තබා ගොස් ඇත.
මේ සම්බන්ධව අදහස් දැක්වූ බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා සඳහන් කළේ තමා ඇතුළු කණ්ඩායමයම විසින් රටපුරා පවත්වන වීදියේ විරෝධය වැඩසටහන නවත්වන ලෙසට කළ අනතුරු ඇඟවීමක් ලෙස මෙම ක්‍රියාව සැලකිය හැකි බවයි.