දිවයිනේ සියලු ප්‍රදේශයන්හි සවිකර ඇති වීථි ලාම්පු දැල්වෙන කාලය පැය 2කින් අඩුකිරීමට විදුලිබල අමාත්‍යාංශය අද (21දා) සිට තීරණය කර තිබේ.
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලවිදුලි බලාගාරවල විදුලි සැපයුම අඩුවීම නිසා ඇතිවන විදුලි විදුලි අර්බුදය පාලනය කිරීමට මෙම ක්‍රියාමාර්ගය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස දිවයිනේ සියලු පළාත් පාලන ආයතනවලට නිවේදනයක් මගින් දැනුම් දී ඇත.
ඒ අනුව වීථි ලාම්පු දැල්වීම පැයකින් ප්‍රමාද කරන ලෙසත් ඒවා නිවාදැමීම පෙරට වඩා පැයකට පෙර සිදුකරන ලෙසත් එහි සඳහන් කොට ඇත.