අස්වැන්නෙන් මෙ.ටොන් තුන්ලක්ෂ පනස් දහසක් අහිමියි
මෙවර වගාකන්නයේ වගා වී වගාකළ හෙක්ටයාර ලක්ෂ 03කට අධික ප්‍රමාණයෙන් හෙක්ටයාර 114,729ක් මේ වනවිට සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇතැයි රජය සිදුකළ සමීක්ෂණයකදී තහවුරු වී තිබේ.
මෙවර වගා කන්නයේදී අපේක්ෂිත සමස්ත වී අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් තුන්ලක්ෂ පනස් දහසකට අධික ප්‍රමාණයක් අහිමි වී යනු ඇතැයි සංඛ්‍යාලේඛන මගින් පෙන්වා දෙයි.
දිස්ත්‍රික්ක 15කට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ලක්ෂ 05කට වැඩි පිරිසක් පානීය ජල ඟැටලුවකට මුහුණදී සිටින බවද මෙම සමීක්ෂණයේදී හෙළි වී තිබේ.
මේ අනුව මෙම පිරිසගේ පානීය ජල අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා ජල ටැංකි 8000කට අධික ප්‍රමාණයක් අවශ්‍ය බවට තහවුරු වී ඇති අතර, මේ අනුව දැනටමත් ජල ටැංකි 4798ක් ස්ථානගත කර තිබෙන බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරයි. ජල ටැංකිවලට ජලය පිරවීම හා සෘජුවම ජනතාවට ජලය ලබාදීම සඳහා ජල බවුසර 350ක් අඛණ්ඩව සේවයේ යොදවා ඇති බවද එම අමාත්‍යාංශයේ නිලධාරියෙක් සඳහන් කළේය.