රජයේ සහතික මිල යටතේ දිස්ත්රික්ක 14 ක ගොවීන් 25,665 ක ප්රමාණයකින් වී මෙට්රික් ටොන් 47,064.08 ක් වී අලෙවි මණ්ඩලය විසින් ඊයේ (03දා) වනවිට මිලදී ගෙන තිබේ.
සම්බා වී කිලෝවක් රුපියල් 50 ක මිලකටත්, නාඩු වී කිලෝවක් රුපියල් 45 කට වී අලෙවි මණ්ඩලය මිලදී ගනු ලබන අතර, එම මුදල් ප්රමාණවලට වී මෙට්රික් ටොන් 120,000 ක් මිලදී ගැනීමට රජය සැලසුම් කර තිබේ.
සහතික මිල ගණන් යටතේ වී මිලදී ගැනීමට රජය රුපියල් කෝටි 600 ක මුදලක් වෙන්කර තිබෙන අතර, එම මුදල් උපයෝගී කරගෙන දිස්ත්රික්කවල වී අස්වැන්න ප්රතිශතයක් ලෙස සලකා සහතික මිල යටතේ මිලදී ගන්නා වී ප්රමාණ තීරණය කර ඇත.
එහෙත් සහතික මිල යටතේ මාතලේ දිස්ත්රික්කයෙන් මිලදී ගැනීමට සැලසුම් කළ වී මෙට්රික් ටොන් 2500 ඉක්මවා යමින් මේ වනවිට වී මෙට්රික් ටොන් 2640.09 ක් මිලදී ගැනීමට මණ්ඩලය කටයුතු කර තිබේ.
වී මිලදී ගැනීම සිදුකර තිබෙන දිස්ත්රික්ක 14 න් වැඩිම වී ප්රමාණයක් මේ වනවිට මිලදී ගෙන තිබෙන්නේ අම්පාර දිස්ත්රික්කයෙන් වන අතර, එම ප්රමාණය වී මෙට්රික් ටොන් 18322.15 ක ප්රමාණයකි.