රජයේ සහතික මිල යටතේ මේ මස 20 වැනිදා සිට රජය වී මිලදී ගැනීම ආරම්භ කරන බව ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.
මෙවර වී මෙට්‍රික්ටොන් 160,000 ක් මිලදී ගැනීමට සැලසුම් කර තිබෙන බවත්, ඒ සඳහා අවශ්‍ය මුදල් මහාභාණ්ඩාගාරය හා රාජ්‍ය බැංකුවලින් ලැබෙන බවද ඒ මහතා පවසා සිටියේය.
පසුගිය වසරේදී යල සහ මාස් කන්නවලදී රජය වී මෙට්‍රික්ටොන් 335,000 ක ප්‍රමාණයක් මිලදී ගත් බවත්, ඒ සඳහා රුපියල් මිලියන 15,700 ක් වැය කළ බවද අමාත්‍යවරයා කියා සිටියේය.