මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම් කිසිවක් නවතා නොමැති අතර වී මිලදී ගැනීම සඳහා රජය වෙන්කළ මුදලින් 50% වඩා මුදල් වී මිලදී ගැනීම වෙනුවෙන් ඉතිරිව තිබෙන බවත් වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී දිසානායක මහතා පැවසීය. මෙවර මහ කන්නයේදී ඉතා විශාල ප්‍රමාණයක් වී මිල දී ගැනීම සිදුකළ අතර මෙවර ගොවීන් අතර හදිසි කළබලයක් ඇතිවීම සැකසහිත බව හෙතෙම පැවසීය.
යල කන්නයේ වී මිලදී ගැනීම් වෙනුවෙන් දිවයින පුරා ගබඩා 177 සූදානම්කර ඇති අතර මේ වනවිට වී ලැබී ඇත්තේ ගබඩා 103 වෙත පමණක් බවද වී මිලදී ගැනීමට රජය වෙන්කළ මුදල රුපියල් මිලියන 6000ක් බැවින් ගොවීන් මිලදී ගැනීම් පිළිබඳ අනිසි බියක් ඇත නොකරගන්නා ලෙස සභාපති එම්.බී දිසානායක මහතා ඉල්ලීය. අද කොළඹ පැවති මාධ්‍යහමුවකදී හෙතෙම මේබව පැවසීය.
එමෙන්ම මත්තල ගොවන්තොටුල වී ගබඩාකිරීමට යොදාගන්නේදැයි යන්න පිළිබඳවද මෙහිදී පැහැලිකිරීමක් කළේය.
VIDEO