මෙවර මහ කන්නයේ වී ඇස්වැන්න මිලදී ගැනීමට රුපියල් බිලියන දහයක මුදලක් වැය කරන බව ආහාර සුරක්ෂිතතා ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.
එහි මුල් පියවර ලෙස ඉදිරි දින පහ ඇතුළත රුපියල් බිලියන දෙකක මුදලක් මහ භාණ්ඩාගාරයෙන් මුදා හැරීමට නියමිත බවද ලබන මාර්තු මාසය තුළ වී මිලදී ගැනීමට රුපියල් බිලියන පහකට ආසන්න මුදලක් වැය කරන අතර සිංහල අවුරුද්ද දක්වාම වී මිලදී ගැනීම සිදු කරන බව ද හෙතෙමපැවසීය.
ආහාර සුරක්ෂිතතා අමාත්‍යාශයේ දී අමාත්‍යවරයා මේබව පැවසීය.