වී අලෙවි මණ්ඩලය ගොවීන්ගෙන් මිලට ගත් වී මෙට්රික් ටොන් 80,000 ක් අපනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
එමෙන්ම මණ්ඩලය සතු ඉතිරී වී ප්රමාණයෙන් කොටසක් සත්ත්ව ආහාර නිපදවීමටඅලෙවි කිරීමටද ඊයේ (02) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
නව වී මිලදී ගැනීම් ආරම්භකිරීමට ගබඩා හිස්කර ගැනීමේ අරමුණින් සහ මිලදී ගත් වී වෙළෙඳපොලට පැමිණීම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබෙන බව වාර්තාවේ.
ඒ අනුව මෙවර වී මිලදී ගැනීම් කිසිදු අක්රමිකතාවකින් තොරව සිදුකිරීමටක් මෙහිදී සාකච්ඡාවී තිබේ.