ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සකස් කර තිබෙන මත්තල ගුවන් තොටුපළේ ගුවන් භාණ්ඩ පර්යන්තයේ ගොඩනැගිල්ල තුළ වී ගබඩා කළහොත් ජාත්‍යන්තරයේදී මත්තල ගුවන් තොටුපොළ අසාදුගත ලේඛනයට ඇතුළත් විය හැකි බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සිවිල් ගුවන් සේවා ශාඛාව සඳහන් කරයි.
ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්රයකට රැගෙන යා හැකි භාණ්ඩ ලැයිස්තුවක් තිබෙන බවත්, එම භාණ්ඩ ලැයිස්තුවේ වී නොමැති බවත්, යම් ලෙසකින් වීවල ගිනි ගැනීමක් සිදුවුවහොත් සමස්ත ගුවන් තොටුපළම දැඩි අනතුරකට ලක්වන බවත් එම ශාඛාවේ සභාපති කැළුම් කොඩිතුවක්කු මහතා පැවසීය.
වී ගබඩාවක් සකස් කිරීමට යන වියදමත් ගුවන් තොටුපළ භාණ්ඩ පර්යන්ත ගොඩනැගිලි ඉදිකිරීම සඳහා යන වියදමත් අහසට පොළව සේ වෙනස් බවත්, ගුවන් තොටුපළක ගබඩා පර්යන්තයක් ඉදිකිරීම සඳහා තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරන බවත් කැලුම් කොඩිතුවක්කු මහතා පවසා සිටියේය.
මේ නිසා ගුවන් සමාගම සමග සාකච්ඡා කර ගුවන් තොටුපළට ගුවන් යානා ගෙන්වා ගන්නා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත්, දැනටමත් සෑම දිනකම එක් ගුවන් යානාවක් මත්තල ගුවන් තොටුපළට පැමිණෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
එලෙස ගුවන් යානාවක් පැමිණෙමින් තිබියදී මෙවැනි ක්‍රියා සිදුකිරීම එම ගුවන් යානාව පැමිණීම නවතා දැමීමට ප්‍රමාණවත් සාධකයක් බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.