ගොවීන්ගේ යල කන්නයේ වී අස්වැන්න කිලෝවක් රුපියල් 50 ක සහතික මිලක් යටතේ මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 600 ක් වෙන්කර ඇතැයි වී අලෙවි මණ්ඩලය සඳහන් කරයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඍජු මැදිහත් වීම මත මෙම මුදල ලබාදී තිබෙන අතර, දැනට තිබෙන ගබඩා ප්‍රමාණවත් නොවේ නම් ඒ සඳහා විකල්ප ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත් උපදෙස් ලබාදී තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
දිවයින පුරා ගබඩා 137 ක් වී ගබඩා කිරීම සඳහා සූදානම් කර තිබෙන අතර, රුපියල් කෝටි 600 ක මුදල උපයෝගී කරගෙන ආසන්න වශයෙන් වී මෙට්‍රික් ටොන් 120,000 කට අධික ප්‍රමාණයක් මිලදී ගැනීමටද සැලසුම් කර තිබේ.
දැනට වී මිලදී ගැනීම සඳහා ස්ථාපිත කර තිබෙන මධ්‍යස්ථානවලට ගොවීන් සඳහා වී අස්වැන්න ගෙන ඒමට අපහසුතා තිබේ නම් ගොවීන් අසලට ගොස් වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයේ ලොරි රථ යොදවන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබෙන බවද වී අලෙවි මණ්ඩලය සඳහන් කරයි.