රජයේ සහතික වී මිල වන කිලෝග්‍රෑමයට රුපියල් 50 ක මිල ගණන් යටතේ දිස්ත්‍රික්ක 13 ක වී මිලදී ගන්නා මධ්‍යස්ථාන 131 ක් මගින් දින තුනක් තුළ වී කිලෝග්‍රෑම් 7,034,123 ක් මිලදී ගෙන තිබෙන බව වී අලෙවි මණ්ඩලය සඳහන් කරයි.
මෙම වී ප්‍රමාණයෙන් වී කිලෝ 6,641,605 නාඩු වී වන අතර, ඉතිරි ප්‍රමාණය සම්බා වී වේ.
මේ අනුව අගෝස්තු 28 වැනි දින වී කිලෝග්‍රෑම් 5,853,583 මිලදී ගෙන තිබෙන අතර, 29 වැනි දින වී කිලෝ 627,405 කුත්, 30 වැනි දින වී කිලෝ 553,135 ක ප්‍රමාණයකුත් මිලදී ගෙන ඇත.
වැඩිම වී ප්‍රමාණයක් මිලදී ගෙන තිබෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයෙන් වන අතර, එම දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 28 ක මගින් වී කිලෝග්‍රෑම් 2,126,000 ක් මිලදී ගෙන තිබේ.