රජය සහතික මිලට ගත් වී තොග කිලෝවක් රුපියල් 32 ශත 50 බැගින් විකුණා දැමීමට කටයුතු කිරීම නිසා රජයට රුපියල් කෝටි 400 කට අධික මුදලක් අහිමිවී යන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අවධාරණය කරයි.
මේ නිසා මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකර සුදුසු ක්රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් සමස්ත ලංකා ගොවි සම්මේලනය විසින් අද (09දා) දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් ගොනු කරනු ලැබිණ.
රජය රුපියල් 45 ට සහ රුපියල් 50 ට මිලදී ගත් වී තොග රුපියල් 32 ශත 50 ක මිලකට විකුණා දැමීමට කටයුතු කිරීම නිසා මෙම පාඩුව සිදුව ඇතැයි පැමිණිල්ල ඉදිරිපත් කරමින් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
රජය පසුගිය වසරේදී මිලදීගත් වී මෙට්රික් ටොන් තුන් ලක්ෂ තිස්පන්දහසක් අඩු මුදලට විකුණා දැමීමට යාම නිසා මෙම පාඩුව සිදුවන බවද ඒ මහතා පවසා සිටියේය.