ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවැනි සංශෝධනය සම්බන්ධව ජනමත විචාරණයකට නොයායුතුය යන ස්ථාවරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිටින බව සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොමැතිව ජනමත විචාරණයකට ගියහොත් විසිවැනි සංශෝධනය පරාජයට පත්වනු ඇතැයිද අමත්‍යවරයා ප්‍රකාශ කළේය.
ලබන බදාදා පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයට මෙම සංශෝධනය ඉදිරිපත් කරනු ඇති බවත්, එදිනට නියමිත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ එය සඳහන් වන බවත් දිසානායක මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (19දා) බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.