20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට ආණ්ඩුව කටයුතු කළහොත් මහ මැතිවරණය පැවැත්වීමේදී සති 7ක ප්‍රමාදයක් සිදුවන බව පිවිතුරු හෙළ උරුමයේ මහලේකම් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට ඇමති මණ්ඩලයේ අවසර ලබාගැනීමට සිදුවීම, ගැසට් කිරීම, සති දෙකක කාලයක් මහජන සංවාදයට භාජන කිරීම, විරෝධතා වෙතොත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වැනි කාරණා තිබෙන නිසා මෙම ප්‍රමාදය සිදුවිය හැකි බව ගම්මන්පිල මහතා සඳහන් කළේය.
කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මෙම අදහස් පළ කෙරිණි.