විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෙවත් විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට ජාතික නිදහස් පෙරමුණ ජීවිත පූජාවෙන් කටයුතු කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අද (26දා) පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ඒමට සූදානම් වන මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට එකතුවන්නැයි පාර්ලිමේන්තුව තුළත්,ඉන් පිටතත් සිටින දෑ හිතකාමී බලවේගවලින් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වූ ජයන්ත සමරවීර මහතා,
“ජීවිත පූජාවෙන් කටයුතු කරපු මහා පරම්පරාවකගේ අභිලාශය තමයි අද අනුර දිසානායකලා,ජනතා විමුක්ති පෙරමුණ අමු අමුවේ පාවාදෙන්නේ.විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය විධායක ජනපති ධූරය අහෝසි කිරීම නමින් මේ ගේන්නේ දිනන්න කියලා අනුර කුමාර දිසානායක මහත්තයා කියනවා .අපි අනුර දිසානායකට අභියෝග කරනවා මහත්තයෝ පුළුවන් නම් ගේන්න.
මේක දිනන්න දෙන්නෑ. 88/89 දී 60000ක් ජීවිත පූජා කරපු පරම්පරාවන් වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණ ජීවිත පූජාවෙන් හරි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෙවත් මේ රටේ ඒකීය භාවය වනසන ,මේ රටේ බෙදුම්වාදීන්ගේ මනදොල පුරවන,දෙමළ බෙදුම්වාදීන්ගේ හාම්පුතාලා වෙච්ච බටහිර බලවේගවල උවමනාවට මේ රට කඩාදැමීම වෙනුවෙන් ගේන විධායක ජනපති ධුරය අහෝසි කිරීමේ මේ ඊනියා සංශෝනය පරාජය කරන්න ලෑස්තියි” යනුවෙන් පවසා සිටියේය.