සියලුම පළාත් සභා මැතිවරණ එකම දිනයකදී පැවැත්විමට අදාළව ආණ්ඩුව ගෙන ඒමට නියමිත විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත. කතානායක නිවේදන යටතේ කතානායක කරු ජයසූරිය මහතා මේ බව අද (19දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.