ගොවි ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබානොදුනහොත් ඉදිරියේ දී කොළඹට ඇතුළුවන සියලු මාර්ග අවහිර වන පරිදි උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩි.ලාල්කාන්ත මහතා සඳහන් කළේය.
වී ගොවීන්ගේ ගැටලුවලට මෙතෙක් විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වී ඇති බවත් පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලයට ගොවීන් පැමිණ සිදුකළ ඉල්ලීම්වලට ප්‍රතිචාර ලැබී නොමැති බවත් ඔහු පවසයි.